නමෝ බුද්ධාය කියල අලුත් අව්රුද්දෙ මම ඔන්න මුලින්ම ලියන්න යන්නෙ ආගම සම්භන්ධ දෙයක්. මේක ලියන්න ආසන්නම හේතුව සමර සහ දුකා අයිය කරපු ඉල්ලීම්. මම හීරලුවෙක් කියල බ්ලොග් අවකාශේ කට්ටිය ගොඩ දෙනෙක් දන්නෙ නෑනෙ. ඕං එහෙනම් අද ඒකත් කිව්ව. මහණ වෙලා හිටපු කාලෙ වෙච්ච දෙයක් තමා මේ කියන්න යන්නෙ. මහණ වෙච්චි හැටි ගැන නොකියා කෙලින්ම කතාවට බහින්නම්.
මම මහණ වෙනකොට මට වයස 19 යි. පිරිවෙන් යන්න පටන් ගත්තට පස්සෙ මාව කෙලින්ම 4 වසරට දැම්ම. ඒ කියන්නෙ අවසාන පන්තියට කලින් එක. පාලි, සඟිස්කුරුත ඇරුනම අනිත් වැඩ මට නිකන් කජු කනව වගේ. මගේ මාන්නෙ නිකන් අහස උසට නැගල. මම තමා පිරිවෙනේ ඉන්න පොර. පිරිවෙනේ ඉංග්රිසි උගන්නපු ගුරුවරයා පවා බැරි දේවල් අහගත්තෙ මගෙන්. මම තරම් පොරක් තවත් නෑ කියල තමා හිතන් හිටියෙ.
මම මහණ උනේ සියම් නිකායෙ මල්වතු පාර්ශවයේ පන්සලක. පිරිවෙන් ගියේ අමරපුර නිකායෙ පන්සලක. අමරපුර හාමුදුරුවරු එලියට යනකොට දෙවුර පොරවනවා. පන්සලේ ඉන්නකොටත් සිවුර පොරවන්නෙ අමුතු විදියකට. මට හරියට මෙක අල්ලගන්න බැරි උනා. මහ විකාර විදියට තමා මගේ සිවුර පෙරෙව්වෙ.
මගේ මාන්නෙට පලවෙනි පාර ගැහුවෙ අව්රුදු 7ක් වයස සුමංගල පොඩි හාමුදුරුවෝ. සිවුර හරියට පොරව ගන්න බැරුව තටම තටම ඉන්නකොට මේ පොඩි හාමුදුරුවෝ ඇවිත් කියපි
“ඔච්චර මෝරපු උන්නාන්සේ කෙනෙක් වෙලත් සුදත්තට තාම සිවුර ඇඳගන්න බැරිද ?”
හපොයි. කට්ටියම ඉස්සරහ මට කරපු නින්දාව. සුමංගල හාමුදුරුවෝ වයසින් මං වගේ 1/3 විතර ඇති. ඒ උනාට පැවිද්දෙන් මට වඩා මාස 6කට වැඩිමහල්. මගේ මාන්නෙ ඉවරයි. මට හරියට සිවුර අඳින්න කියල දුන්නෙ උන්නාන්සේ තමා.
පිරිවෙන් ගියේ මම ඒ පන්සලේ නතරවෙලා. ඒ පන්සල නුවර පලාතෙ බොහොම ජනප්රිය පන්සලක්. හාමුදුරුවරු 100 කට කිට්ටු වෙන්න ඒකෙ හිටියා. අපි දාන ශාලාවට වඩිනකොට මනණකමේ පිලිවෙලට තමා වඩින්නෙ. ඒ කියන්නෙ මම අන්තිමයා. චූටිත්තන් හාමුදුරුවරු රොත්තක් මට ඉස්සරහින්. මම පස්සෙන් අන්තිමට. උදේ හවස බුදුන් වැඳල ඉවර වෙලා නැගිටින්නෙ වැඩිහිටි පිලිවෙලට එතකොට ඊට බාල ඔක්කොම නැගිට්ට වැඩිහිටියට වඳිනවා. එකෙදිත් මම අන්තිමයා. මම ඔක්කොටම වඳින්න ඕනෙ. මට කව්රුත් වඳින්නෙ නෑ. කොටින්ම කිව්වොත් පන්සලේ බල්ලත් මට කලින් නැගිටිනව. ඕං මගේ මාන්නෙ කුඩේ කුඩු උනේ ඔහොම තමා.
අදට ඉවරයි. තව විස්තර ඕන නම් කොමෙන්ටුවක් දාන්නකො. ඔය යටින් තියෙන පින්තූර වල ඉන්නෙ මමත්වය නැතිකරගන්න බැරිඋන මම වෙමි.
Viduruvsn, Agree!ඒත් ඒ දවස් අපේ විශ්වාසය තිබුණේ වැඩේ කරයි කියලා, දැන් නම් නැත්තටම නෑ සහෝ.
~බිன்ku~ කොහොම කියතත් චිවරය දරමින් රාජය පාලනය කිරීම පැවිද්දෙකු ලෙස නොකල යුත්තක් ලෙස සිතමිමක් නිසදයත් පැවිද්දෙකු වශයෙන් රාජය පාලණයට උපදෙස් දි නිවැරදි මග පෙන්වීමත් රාජය පාලනය කිරීමත් යන්න දෙකක් බැවිනි
මහසෙන්ඇත්තෙන්ම එ සෘනාත්මක ආකල්ප දැන් කෙමෙන් කෙමෙන් අඩු වෙලා යනවාඑක ඔබටම තෙරෙනවා ඇතිතරිදු" නරක මහණෙක් වෙනවද නැත්නම් හොඳ ගිහියෙක් වෙනවද කියන දෙකෙන් එකක් තෝරගන්න උනා මට."ඔයාගේ පැවදි කාලය ගැනනම් මම දන්නේ නැ ඔයා මට වඩා හොද ගිහියෙක් කියලානම් කියන්න පුලුවන්
මිත්රය, පොඩි කාලේ ඉඳන්ම අපේ පවුල හරහා පන්සල ළඟින් ඇසුරු කල නිසා හාමුරුදුවන් අතරෙන් සිවුර විතරක් අදින හැමදේම දැන සිටියත් ඇතැම් විට ගිහියන්ට වඩා බෙහෙවින් නිර්ලැජ්ජිත දේවල් කරන අයත් හමුවෙලා තියෙනවා.අන්තිමට බුද්ධාගම අගෞවරයක් වෙන්නේ ඒ අයමයි, මොකද භෞතිකව සිවුරක් දරන නිසා, එවැනි අය දේශපාලන ලෝකයේදීත් දකින් ලැබීම ගැන කණගාටුයි. (බුද්ධාගමත් බුදු ධර්මයත් දෙකක් බව සැලකුව මැනැවි).ආගම යන දෙය කාලයත් එක්ක වෙනස් වීමට ලක් වෙනවා, ඒ නිසා ඒ විපර්යාසයේ දිවිහක් ලෙස ඇතැමුන් මෙය දකිනවා වුණත්, තවම අපේ පුද්ගලයින් හිතනා පනතා ආකාරය නිසා කරබාගෙනපීඩනයෙන් යුතුව වැරෙද්දේ යෙදෙන්නට ඇති සම්භාවිතාවයේ සිටිනවාට වඩා ගිහිබවට ඇතුළු වී යහපත් හා සරල (බැඳිම් සිමිත නම් වඩා හොදයි)ජිවිතයක් ගත කරනවා නම් ඒ ඇති.
@සචීබොහොම ස්තූතියි. අනිවාර්යෙන්ම මම ඔප්පු කරල පෙන්නනවා මම ගත්ත තීරණය හරි කියල.
"..නරක මහණෙක් වෙනවද නැත්නම් හොඳ ගිහියෙක් වෙනවද කියන දෙකෙන් එකක් තෝරගන්න උනා මට…" බොහොම කලකට ඉස්සර අපේ සීයාත් ඔය විදිහටම හිතපු හින්දයි අද මම මේ ලෝකේ ඉන්නේ…මම විතරක් නෙවෙයි, මට වඩා බොහොම වටින කියන කීප දෙනෙක් ම අද මේ ලෝකේ ඉන්නේ ඒ තීරණය නිසා…ඒ කවුද කියලා නම් කියන්න බැහැ….ඔයා ගත්ත තීරණය හරි කියලා අනාගතය ඔප්පු කරලා පෙන්නාවි!
ඔන මම ජි ටොල්ක ආරාධනාවක් එව්වා
mihisara@gmail.com මගේ ඊ මේල් ලිපිනය
නැහැ නැහ මෙ බ්ලොග් එක නෙමෙයි. මම හිතන්නේ ඔයා ලියපු පරණ එකක් වෙන්න ඇති. ඒ ලින්ක් එක දාන එක හරි නැති හින්දා මට පුද්ගලිකව මෙයිල් එකක් දානවදා?
@ මහසෙන්ස්තූතියි. මට කියන්න ඕන දේ ඔබ තේරුම් අරන්. මම බලාපොරොත්තු උනාට වඩා ධනාත්මක ප්රතිචාර ලැබෙනවා.
දිගටම ලියන්න, මහණ වෙන්නෙත් අපි වගේම මිනිස්සු කියන එක අපේ අය තේරුම් ගනීවි. බුදු දහමට ඒක අගෞරවයක් වෙන්නේ නෑ.මහණ ජීවිතේ ලේසි නෑ කියන එකත්, සිව්රක් පොරවගත් පමණින් අපේ සිතුම් පෑතුම් වෙනස් වෙන්නේ නෑ කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ.මහණ ජීවිතේ ඉන්න බෑරි නම් නෑවත ගිහි වීම සම්පුර්ණයෙන් හරි කියලයි මගේ හෑගීම. අපේ සමාජය ඒ ගෑන දරණ සෘණාත්මක ආකල්පය ඉවත් විය යුතුයි.
@වැප්මොන ලිපිද සහෝ ? මේ බ්ලොග් එක පටන් ගත්තේ ගිය මාසෙනෙ
මට පරණ ලිපි වගයක් හමුබුනා. අද මම එ ඔක්කොම කියෙව්වා. ගොඩාක් අය සටහන් දාලා තියනවා. එවගේම බ්ලොග් පටන් අරන් තියෙන්නේත් 2007 දි විතර. ඇයි එවා නවත්වලා තියේන්නේ?
@nadith අනෙ අම්මේ එපා……@මලීලියන්නම් ලියන්නම්
අනේ.. මේක දිගටම ලියන්නකෝ.. ඇයි මහණ උනේ.. ඇයි සිවුරු ඇරියේ.. හැමදෙයක්ම.. බුද්ධාගමට මඩ ගහන්නේ නෑ කියලා ඔයාම දන්නවා ඇතිනේ..
උඹව අදහන්න වටිනවා….
@වැප්අනේ නෑ. නරක මහණෙක් වෙනවද නැත්නම් හොඳ ගිහියෙක් වෙනවද කියන දෙකෙන් එකක් තෝරගන්න උනා මට. සසර දික් වෙන්නෙ මම නරක මහණෙක් වෙලා හිටියනම්.
ඇයි සසර අයිත් දික්කරගත්තේ? එක්කො ඔනා නැහැ … ඒක උබේ අපේ කරැමේ වෙන්න ඇති ….
@පිස්සාඅනේ බුදු අය්යේ ඒ ප්රශ්නෙනම් අහන්න එපා. ඕකට උත්තරයක් හැටියට පොතක් ලියන්න වෙයි. @දුකා අයියාමම නම් අතරමං උනේ නෑ ඕං. :-)ලියන්නම්කො මට වෙච්ච ඒවා සහ දැක්ක ඒව. සමහරු නම් වැඩිය කැමති වෙන්නෙ නැතිවෙයි. මුද්ධාගමට මඩ ගහනවා කියල.
උඹ සමර අයියගේ බ්ලොග් එකේ "මම මහන වෙලා ඉනැද්දි කියපු පලවෙනි බන කිව්වෙත් මේකට සම්බ්ද කතාවකින්" කිව්වට මම මෙච්චර සිරාවට හිතුවේ නෑ ඒ බවක් . . . මොනා උනත් මගේ ත් සමර අයියාගේත් ඉල්ලීම ඉටුකරපු එකට නම් බොහොම ස්තූතියි . . . . මම අර කමෙන්ට් එකේ කිව්ව වගේ මම කියෝපු පොතක් තමයි අර "අලෝකෝ උදපාදි" බොහෝම ඉස්සර කියෙව්වේ . . . තමන්ට තමන්ව හොයා ගන්න ගිහින් අතරමං වුනු අසරනයෙක් ගැන තමයි ඒ කතාව කියලා ලාවට මතකයි . . . එහෙනම් අපිට තරිඳුගෙන් ඉස්සරහට හොඳ ලිපි ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නේ???
හෙ හේ… මල්ලී උඹට හැබෑටම මහණ වෙන්න හිතුනේ ඇයි?ඒක ජොලි කතාවක් නෙව.. ලියහං දිගටම..
තරිදු පොඩි ගමනක් යන්න හදන්නේ ඇවිල්ලා මගෙ කොමෙන්ට් එක දාන්නම්