මම මේ කියන්නෙ මම මහණ වෙච්ච විස්තර. මේකේ පලවෙනි කොටස කියවන්න මෙතන කොටන්න. පහුගිය කොටස ඉවර උනේ මට අර විකාර ඇඳුම අන්දපු තැනින්. ඔන්න ඉතින් ඒක ඇඳගෙන මම සබේට ආව. ඊලඟට කරන්න තියෙන්නෙ මහණ කම ඉල්ලන එක. ඔතන කියන පාලි පාඨ ගොඩක් තියෙනවා ඒ උනාට මට දැන් ඔක්කොම මතක නෑ. අවුරුදු 5 ක් වෙනවනේ. තුන් සිවුර අරන් ගිහින් ඒක ලොකු හාමුදුරු කෙනෙක්ට දීල මෙහෙම කියනවා.
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බජේථමං භන්තේ.”
දෙවනුවත්, තෙවනුවත් මෙහෙම ඉල්ලනවා. ඊට පස්සෙ ඒ හාමුදුරුවෝ සිව්රු පටිය කරේ බඳිනවා සංඛේතාත්මකව. මෙන්න පින්තූරෙ පහලින්. ඔය ඔක්කොම කරන්න ඕනෙ උක්කුටිකයෙන් ඉඳන්. අප්පා….. එපා වෙනව එහෙම ඉන්න ගියාම.
ඊට පස්සෙ තියෙන්නෙ සිවුරු ටිකත් අරගෙන ඇතුලට ගිහින් ඒක අඳින එක. එලියට එනකොට කට්ටිය නිකන් මාර අමුතු විදියට තමා බලන්නෙ. ඇයි ඉතින් මුලින්ම සිවුරෙන් දකින්නෙ මේ වෙලාවෙනෙ. ඔන්න මම සිවුරු ඇඳල විනයාචාර්ය හාමුදුරුවො එක්ක එලියට ආපු හැටි. පේනවනෙ කට්ටිය බලන හැටි.
ඊට පස්සෙ ආපහු උක්කුටිකයෙන් ඉඳන් සිල් ඉල්ලන්න ඕනෙ. එතකොට තිසරණ සරණ යනවා දෙපාරකට. පලවෙනි පාර කියන්නෙ “බුද්ධං සරණං ගච්ඡාමි”, දෙවනි සැරේ “බුද්ධම් සරණම් ගච්ඡාමි”. ඊට පස්සෙ දස සිල් සමාදන් වෙනවා. ඕං ඉතින් ඔච්චර තමා විස්තරේ. ඊට පස්සෙ මම හාමුදුරුවෝ. තරිඳු රොෂාන්ත වන මම එදා සිට බෙල්ලන්විල සුදත්ත හිමි උනා.
අලුත් අත්දැකීමක් නිසා කියවන්න හරිම ආසයි. පුලුවන් විදියට ඉක්මනට ලියන්න….
හදා බෙදා ගැනීම ගැන ස්තුතිය!
@ Dasunthanks macho@මාරයාඔබ හරි. සරලව කියනවනම් වයසක හාමුදුරුවරුන්ගේ දත් නැති කටෙන් වචන හරියට උච්චාරණය වෙන්නේ නැති වෙයි කියල. තිසරණේ පිහිටුවන වගේම පිහිටන කෙනත් ඒක හරියට සද්ද කරන්න ඕනෙලු. ඔය සිද්ධ වෙලා තියෙන්නෙ කෙනෙක් මහණ කරන්නෙ කොහොමද කියල බුදු හාමුදුරුවො දේශනා කරපු දේ වචනාර්ථයෙන් ගන්න ගිය එක.
Sam.. හකාරන්ත සහ මාකාරන්ත යන ක්රම දෙකින්ම සරණ ශීලය සමාදන් කරවන්නේ වැරදීමකින් හෝ ශීලය සමාදන් වීමෙදී හරියාකාරව උච්චාරණය නොවුන හොත් ශීලය නොපිහිටන බව විශ්වාස කිරීම මතයි..
Nice machan 🙂 Keep it up 🙂
@samමම පොතක කියෙව්වා ඕක ගැන. මට මතක විදියට. වයසක හාමුදුරුවරුන්ට හරියට බින්දුව සද්ද කරන්න බැරිවෙයි කියල තමා ඔය දෙවිදියෙන්ම කියන්නෙ.
පලවෙනි පාර කියන්නෙ "බුද්ධං සරණං ගච්ඡාමි", දෙවනි සැරේ "බුද්ධම් සරණම් ගච්ඡාමි". ඇයී ඒ කියලා දන්නවාද?
එලකිරි හොදයි බොහොම ස්තුතියි අපිට අත්දකින්න නොලැබෙන දෙයක් ගැන අපිව දැනුවත් කලාට
අගය වැඩි කරන්නද ටික ටික ලියන්ෙන්?. අවුලක් නැහැ ඒකවිට කිව්වහම ඒක අගයකුත් නැහැ ෙන් …………..