විතණ්ඩවාදීන් සහ සොක්රටීස් අතර තිබුණු සමානකම තමයි ඔවුන් තමන්ගේ අවධානය ස්වභාව ධර්මයෙන් ඈත් කරල මිනිසා සහ සමාජය පැත්තට යොමු කරපු එක. විතණ්ඩවාදීන් කිව්වෙ ගැඹුරු, පැටලිලි සහගත දාර්ශනික ප්‍රශ්න වලට උත්තර තියෙන්න පුලුවන් උනත් අපිට කවදාවත් නියම පිලිතුරු සොයා ගන්න බැරි වෙයි කියල.
මම කලින් කිව්ව වගේ ප්රජාතන්ත්රවාදයේ නැගිටීම වෙන්නෙ මේ කාලයේ. කෙනෙක් පාලන තන්ත්රයට සම්භන්ධ වෙන්න ඕනනම් ඒ කෙනාට පුලුවන්කම තියෙන්න ඕනෙ වාද කිරීමේ හැකියාව, එහෙම නැත්නම් තර්කානුකූලව තමන්ගේ මතය ඉදිරිපත් කිරීමේ හැකියාව. මේ අතරෙදි තමයි විතණ්ඩවාදීන් ඇතැන්ස් නුවරට එක් වෙන්නෙ. මේ කලාවන්ගේ නිපුණ විතණ්ඩවාදීන් මුදලට ඉගැන්වීම ආරම්භ කරනවා.
සුප්‍රකට විතණ්ඩවාදියෙක් වන ප්රොටගොරස් (ක්‍රි.පූ. 490-422) ඔහු කියනවා සාර්ථකත්වය අත්පත් කර ගන්නට සම්ප්රදාය අනුගමනය කළ යුතු බව. ඒ සම්ප්රදාය සත්‍යය නිසා නොව එය වටහා ගන්නාට එය මනාව හසුරුවා එයින් ඉක්මණින් ඵල පුයෝජන ගත හැකි බැවිනි.ඔහුගේ ප්‍රසිද්ධ කියමන වන්නේ හෝමෝ මෙන්සූරා නොහොත් මනුෂ්‍යයා සියල්ලේම මිම්ම යනුයි.ගෝර්ගියාස් නැමැත්තෙක් (483-375 ) දර්ශනය ඉවත් කර ඒ වෙනුවට ව්‍යක්ත කියවීමේ හා ලිවීමේ කලාව ප්‍රගුණ කරන්න යයි ඔහු කීය. (උපුටා ගැනීම අරුණිගේ ප්‍රතිචාරයකින්)
විතණ්ඩවාදීන් සත්‍යය, සාධාරණයට වඩා සැලකුවේ බලය ගැන. කෙනෙක් බුද්ධිමතෙක් කරනවට වඩා ඔහුව සමාජයේ ඉහල තැනකට යවන්නෙ කොහොමද කියන එක තමා ඔවුන් කල්පනා කලේ.
හිතල බලන්න අද අපේ පාසලේ වෙන්නෙත් මේ දේම නේද කියල. අපි දැනුම නම් ඕන තරම් ගොඩගහ ගන්නවා. ඒ උනත් බුද්ධිය ? අනිත් අතට සොක්රටීස් කලේ මිනිස්සුන්ට හිතන්න පෙලඹවීම. එහෙම කරල මිනිස්සුන්ට තමන්ගේ තුලින්ම නුවණ හොයාගන්න ඉඩදුන්න. ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම දාර්ශනිකයෙක්. දාර්ශනිකයා කියන වචනේ තේරුම බුද්ධියට ආදරය කරන්නා කියන එක.
මට මගේ ජීවිතේ හම්බවෙච්ච බුද්ධිමත්ම පුද්ගලයා මට දර්ශනය උගන්වපු ගුරුවරයා, මගේ මිත්‍ර CJ. එයා මේ සොක්රටීස් ක්‍රමය හොඳට පාවිච්චි කරන්න දන්න කෙනෙක්. අපි කතාකරන හැම වෙලාවකම, වාද කරන හැම වෙලාවකම එයා මටම තේරුම් ගන්න අරිනවා මම වැරදි බව. මම වැරදි බව තේරුම් යනකොට මම ඒත් එක්කම තව බොහොම දේවල් ඉගනගෙන. මම හැමතිස්සෙම කියනවා වාදයකදි එයා කිසිම අදාල නැති දේවල් ඇදල ගන්නවා කියල. මට ඕනෙ කොහොම හරි දිනන්න. ඒ උනත් පස්සෙ කල්පනා කරද්දි මටම තේරෙනවා මමත් විතණ්ඩවාදියෙක් කියල. ඒ අය වගේම මටත් ඕනෙ කොහොම හරි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරල දිනන්න. මම කවදාවත් වාදයකදි පරදින්නෙ නෑ. ඒත් CJ එක්ක මම කවදාවත් දිනලත් නෑ.
මම ඇහුව එයාගෙන් මොකද්ද මෙච්චර බුද්ධිමතෙක් වෙන්න හේතුව කියල. එයා කිව්ව හේතු දෙකක් තියෙනව කියල. පලවෙනි එක තමා දන්න දේ නොදන්න දෙයින් බොහොම සුලු ප්‍රතිශතයක් බව තමන් විසින් දැනගෙන සිටීම. දෙවැනි එක තමා එයා පාසල් ගිහින් නැතිවීම. අවුරුදු 12 දී එයා පාසල් යෑම නතර කරල. ඒ නිසා පාසල විසින් තමන්ගේ මොලේ හෝදල නැති බව එයා මට කිව්ව.
මම දර්ශනය ඉගන ගන්න හිතුවේ මගේ ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තුවෙන්. ඒ උනත් මට උත්තර ලැබෙන්නෙ නැති බව මට පෙනුන. මම මගේ ප්‍රශ්නෙ ඇහුව එයාගෙන්. මම කිව්ව මම ඉගන ගන්න පටන් ගත්තෙ මගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල. ඒ උනත් අවුරුදු ගානකට පස්සෙ මං ගාව තියෙන්නෙ පටන් ගත්තට වඩා ප්‍රශ්න ගොඩක්. මට කොහේද වැරදුනේ ?
ඒකට මට ලැබුණු උත්තරේ තමා මම කොහෙවත් වරදගෙන නැති බව. දාර්ශනිකයො ප්‍රශ්න විසඳන්න උත්සහ කලාට කවද හරි මැරිල යන්නෙ එක්කො ප්‍රශ්න තව එකතු කරල, එහෙම නැත්නම් ඒව වෙන පැත්තකට හරවල. මට තව ප්‍රශ්න එකතු වෙනවා කියන්නෙ මට මම නොදන්න දේ ගැන අවබෝධ වීගෙන එන එක කියල එයා කිව්ව. බුද්ධිමතා කියන්නෙ තමා නොදන්න දේ දන්නා පුද්ගලයා කියල එයා නිතරම කියනවා.
මට හිතෙන හැටියට අපි අපේ අද දවසේ පාසල ගැන අලුතින් හිතන්න කාලය හරි. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතුයි. හැබැයි ඉතින් ඒක කරන්න ගත්තොත් අපේ විශ්ව විද්‍යාල වල අක්කල අයියල බුරන්න පටන් ගනී. මොකද ඒ අයට පස්සෙ එන පරම්පරාව බුද්ධිමත් වෙනවට ඒ අය අකමැති නිසා.
@pubz, indik thanks@aruniඔබේ දුව වාසනාවන්තයි.@පිස්සාඅධ්යාපනය ප්‍රතිසංස්කරණය කියන්නෙ පෞද්ගලීකරණය නෙමේ. ලංකාවට වඩා දුප්පත් රටවල් වල අන්ත දුප්පත්, ඉන්න අතුපැලක්වත් නැති පාසල් වල අපිට වඩා හොඳ ක්‍රම මම දැකල තියෙනවා. මගේ යෝජනා මම පෝස්ට් එකක දාන්න බලන්නම්. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැඳී තියෙන්නෙ තියෙන කම්පියුටර් ගාන මත නෙමේ. පාසල කොතරම් දුරට සාර්ථක පුරවැසියෙක් බිහි කරනවද කියන එක මත. අපට දූරදර්ශී අධ්යපනවේදියෝ ඉන්නවනම් කොලඹ රාජකීය විද්‍යලයද, තුම්පනේ මධ්‍ය මහා විද්‍යලයද කියල වෙනසක් නැතිවෙයි. කෙසේ වෙතත් වැඩි දුර මේ ගැන කියන්න තරම් මම සුදුස්සෙක් නෙමෙයි. මම මගේ වැඩිදුර ඉගනුම් අධ්යාපනවේදයෙන් කරනවා කියල තීරණය කරල ඉවරයි. තව අවුරුදු 5-6 කින් විතර හොඳට කියන්නම් :D@amilaඒක ගොන් කතාවක් වෙන්නෙ කොහොමද කියල කිව්වනම් මට මගේ වැරැද්ද හදා ගන්න පුලුවන්
——-අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතුයි. හැබැයි ඉතින් ඒක කරන්න ගත්තොත් අපේ විශ්ව විද්‍යාල වල අක්කල අයියල බුරන්න පටන් ගනී. මොකද ඒ අයට පස්සෙ එන පරම්පරාව බුද්ධිමත් වෙනවට ඒ අය අකමැති නිසා——–malli gon katha kiyanna epa, post eka hodai, anith dekama wage, eath me anthimata kiyala thiyena kathwa nam mongal, eka gana hithanna.
ලංකාවෙනම් අධ්‍යාපනය එන්න එන්නම වැඩක් නැති වෙනවා. කිසි දෙයක් හිතන්න බැරි කට්ටියක් තමයි අන්තිමට බිහිවෙන්නෙ. අපි ඉස්කෝලෙ ගිය කාලෙට වඩා ගොඩක් අඩුයි දැන් ළමයින්ගෙ සිතීමෙ ශක්තිය…
මේකයි මල්ලී වැඩේ.. අපේ වගේ දුප්පත් රටකට මේ තියෙන ක්‍රමය, නැතුව බෑ. මොකද තියෙන පහසුකම් ගොඩාක්ම අඩුයි, අනිත් එක දෙමාපියන් බොහෝවිට නිසි අධ්‍යාපනයක් නොලබපු අය. රාජපක්ෂ පවුලේ නොවුනු, අපි වගේ මිනිස්සුන්ගේ, සහතික මිටිය මත තමයි,මුළු ජීවිතේම තීරණය වෙන්නේ..අනිත් එක, බහුතරය අතරින්, සුළුතරයකටයි උසස් අධ්‍යාපනය දෙන්න තරම් පහසුකම් තියෙන්නෙත්.. අපි පෞද්ගලීකරනය කරනය කරන්න කරන්න කියලා කෑ ගැහුවත්, එතකොට වෙන්නේ සල්ලී තියෙන පවුල් වල ලමයි යහමින් සහතික ගොඩ ගහ ගන්න එක.(මම ඒකට විරුද්ධමත් නෑ, කොහොම උනත් දැනටමත් ඒක වෙනවානේ)පෞද්ගලිකවම මම ගත්තොත්, පිණට අධ්‍යාපනය දුන්නේ නැත්නම් හබක් තමයි.ඔයා කියන ප්රතිසංස්කරන යෝජනාව කියන්න බලන්න.. එතකොට පුළුවනි, ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න..
ඔව් මේ අරුණි ශපීරෝ තමා. මමත් ඉතින් දර්ශනයෙන් ඇබිත්තක් ඉගෙන ගෙන තියෙන නිසා සිංහලෙන් ලියන එකට දායක වෙන්න ආවා. තව ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා නම් ප්‍රශ්න ගොඩකට උත්තර ඇරිස්ටෝටල් ගෙන් ලැබෙයි. පවතින අධ්‍යාපන ක්‍රමය ඇමෙරිකාවෙත් කරන්නෙ මොළ එකම මොඩල් එකකට හදන එක. මගේ දුව තුනේ වසරේ සිට 9 දක්වා මම ගෙදර ඉගැන්නුවා. එහෙම කරන්න මෙහෙ ඉඩ තියෙනවා. ඊට පස්සෙ ආණ්ඩුවෙ ඉස්කෝලෙ දැම්මම එයා ඉස්කෝලේ කියන දේවල් ඔක්කොම පිළිගෙන විශ්වාස කරනවා වෙනුවට තමන් බාරගන්නෙ මොනවද විසිකරන්නෙ මොනවද කියල තීරණය කරන්න ඉගෙන ගෙන හිටියා. දැන් 19 වයස. මොළේ දියුණුව ගැන මට ආඩම්බර වෙන්න පුළුවන්.
කතාව ඇත්ත.. අපේ අධ්‍යාපනය කරන්නෙ තියන මොළෙත් හෝදන එක තමයි.. :s