ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා


රාවණ රජතුමා ගැන කියන්න දේවල් නම් ඕනතරම් තියෙනවා. වාල්මිකී කියන පාහර බමුණා රාමව දෙයියෙක් කරන්න ලියපු රාමායණයේ සම්පූර්ණයෙන්ම රාවණ රජතුමාව දුෂ්ටයෙක් කරල තියෙන්නෙ. පාවාදීම් ගැන නිතරම ඇහෙන මේ කාලයේ මතක් කරන්න ඕනෙ අපේ ලංකාවේ පලමුවෙනි මහා පාවාදීම උනේ රාවණ රජතුමාව කියන එක. හිනාවට කාරණේ අපේ ඉතිහාසයේ මුල ඉඳන්ම පාවාදීම් තියෙන එක නෙමේ. ඒ පාවා දුන් ද්‍රෝහියා විභීෂණට දේවාලෙකුත් හදල පූජා කරන එක. ලංකාව ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේම තමා. කෙසේ වෙතත්. මම මේ කියන්න ලෑස්ති වෙන්නෙ රාවණා රජතුමා විසින් රචනා කරපු ශිව තාණ්ඩව ස්තෝත්‍රයක්. මේක ශ්ලෝක 15 කින් සමන්විතයි. මෙතන මම දාල තියෙන්නෙ 3 ක් විතරයි. සඟිස්කුරුත වචන සිංහලෙන් ලියන්න ගියාම එපා වෙනව. මම තවත් පෝස්ට් එකක සම්පූර්ණ එක තේරුමත් එක්ක දාන්නම්. ඒකට කාගෙන්හරි උදව් ගන්න වෙනවා. ඒ නිසා කල් යයි. දැනට මේක අහන්නකෝ.

ජටාටවීගලජ්ජල ප්‍රවාහපාවිතස්ථලේ
ගලෙවලම්භ්‍ය ලම්භිතං භුජන්ගතුන්ගමාලිකාම්
ඩමඩ්ඩමඩ්ඩමඩ්ඩම නින්නාදවඩ්ඩමර්වයම්
චකාර චන්ද තාන්ඩවම් තනොතුනඃ ශිවවඃ ශිවම්

ජටාකටාහසංබ්‍රමබ්‍රම නිල්ලිම්පනිර්ජරි
විලෝලවීචිවල්ලරී විරාජමානමූර්ධණී
ධගද්ධගද්ධගජ්ජ්වලා ලලාටපට්ටපාවකේ
කිශෝරචන්දශේකරේ රතිඃ ප්‍රතික්ෂනම් මම

අඛර්වසර්වමංගලා කලාකදංබමන්ජරී
රසප්‍රවාහමාධුරී විජෘම්භනාමධුව්‍රතම්
ස්මරාන්තකම් පුරාන්තකම් භවාන්තකම් මඛන්තකම්
ගජාන්තකාන්ධකාන්තකම් තමන්තකාන්තකම් බජේ