ඔන්න ඉතින් අපේ සොක්රටීස් පහල වෙන්නෙ ඔය විදියට විතණ්ඩවාදීන් දර්ශනවාදය සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවපු කාලයකදී.
සොක්රටීස් කියන්නෙ කව්ද ?
ඔහු ජීවත් උනේ ක්‍රි.පූ. 470 -399 අතර කාලයෙදි. බොහෝ දාර්ශනිකයො ඔහුව හඳුන්වන්නෙ සමස්ත ඉතිහාසයේම තේරුම් ගැනීමට ඉතාම අපහසු පුද්ගලයා හැටියට. ඔහු ඉපදුනේ ඇතැන්ස් නුවර. ඔහුගේ කාලය වැඩියෙන්ම ගත උනේ නගරයේ කඩමණ්ඩි වල හන්දි වල මිනිස්සුත් එක්ක කතාකරමින්. සොක්රටීස් ගම්බද ජීවිතය අප්‍රිය කල බව සඳහන්. “The trees in the countryside can teach me nothing” ගම්බද ගස්වැල් මට කිසි දෙයක් උගන්වන්නේ නෑ කියල ඔහු කිව්ව. ඊට අමතරව ඔහේ කල්පනාවේ ගැලිල පැය ගනන් හිටපු බවටත් සඳහන් වෙනව.
සොක්රටීස් ප්රශ්නය
ඓතිහාසික සොක්රටීස් වගේම ඔහුගේ දර්ශනය ගැන පැහැදිලි රූපයක් මවා ගැනීමේ අපහසුව තම සොක්රටීස් ප්රශ්නය කියල අපි හඳුන්වන්නෙ. හේතුව ඔහු කිසි දෙයක් ලියා තිබ්බේ නැති එක. අපි ඔහු ගැන දැනගන්නෙ ප්ලේටෝ, ක්සෙනොපෝන්, ඇරිස්ටොටල්, ඇරිස්ටොපේන්ස් වගේ ඔහුගේ ශිෂ්‍යයෝ සහ සමකාලීනයන්ගේ රචනා වලින්. මෙයින් මූලිකම සහ වැදගත්ම කෙනා තමයි සොක්රටීස්ගේ ගෝල ප්ලේටෝ. ඔහු තමන්ගේ “සංවාද” නම් රචනා වල කතා නායකයා කලේ සොක්‍රටීස්ව.
සොක්රටීස් ක්‍රමය
මගේ පෞද්ගලික අදහසේ හැටියට මම ඔහුගේ දකින විශේෂම ලක්ෂණය තමා ඔහුගේ දේශන කලාව. මිනිස්සුන්ට දේශනා පැවැත්වීම වෙනුවට ඔහු කලේ ඔවුන්ගෙන් යමක් දැන ගැනීමට අවශ්‍ය බව ඇඟවීම. එමගින් ඔහු කලේ සාකච්ඡා මාර්ගයෙන් ඉගැන්වීම. ඔහු සාකච්ඡාවෙදි කිසි දෙයක් දන්නේ නෑ වගේ ප්‍රශ්න අහනවා. ඒකට ලැබෙන උත්තරයේ තියෙන දුර්වල තැන් ඔහු ඉස්මතු කරන්නෙ ප්‍රති ප්‍රශ්න මගින්. මේ ප්‍රති ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඒ අයටම තේරෙනවා තමා වැරදි බව.
මේ දෙයම බුදු හාමුදුරුවොත් කලා. “පටිපූච්ඡා ව්‍යාකරණිය” කියල හැඳින්වූවේ ඒක. උපාලි ගහපතියා සම්භන්ධයෙන් මේ ක්‍රමය අනුගමනය කලා උන්වහන්සේ.
සොක්රටීස්ගේ අම්මා වින්නඹුවක්. තමන් කරනෙත් ඇය කරන දේම තමා කියල ඔහු කියන්න පුරුදු වෙලා හිටියා. ඇය කරන්නෙ මෙලොවට දරුවෙක් බිහි කිරීමට උදව් දීම විනා දරුවා පිලිසිඳ ගැනීමට උදව් කිරීම නොවෙයි. තමනුත් ඒ වගේ කරන්නෙ මිනිස්සුන්ට නුවණ බිහිකිරීමට උදව් කිරීම බව ඔහු කියා සිටියා. නුවණ ලැබිය හැක්කේ තමා තුලින්ම ඇතිවන අවබොධයෙන්ම පමණයි.
සොක්රටීස් උත්ප්රාසය
තමන් කිසිවක් දන්නෙ නෑ කියමින් තමන්ට හම්බවෙන මිනිස්සුන්ට ඔවුන්ගේ ව්‍යවහාර බුද්ධිය පාවිච්චි කරන්න බලකලා. මොහු මේක කලේ ප්‍රසිද්ධ ස්ථාන වලදී. අන්තිමට මිනිස්සුන්ට සිද්ධ උනේ ප්‍රසිද්ධියේ මෝඩයා කියන ලේබල් එක අලව ගන්න. මේකට තමා සොක්රටීස් උත්ප්රාසය කියන්නෙ. ඒ නිසා මිනිස්සුන්ට ඔහුව එපා උනා. විශේෂ්යෙන්ම පාලකයන්ට. “ඇතැන්ස් නගරය කම්මැලි අස්සයෙක්. ඌට පණ එන්න ඇඟට විදින ඇටමැස්සා මමයි” මේ ඔහු නිතර කියූවක්.
මා හට මෙය ඉතාමත් ප්‍රයොජනවත් විය. ස්තුති ඔබට!
සරලයි ! සරල නිසාම හොඳයි ! ! කුඩා දරුවන්ටත් තේරුම් ගන්න හැකියි !!!
@Aruniමම හිතනවා මේ අරුණි ශපිරෝ කියල. බොහොම ස්තූතියි.
තමන් කිසිත් නොදන්නා බව සොක්රටීස් කී නිසා ෙඩල්ෆි දිවැස කියුවේ වඩාත්ම ඥානවන්තයා සොක්රටීස් කියාය.සොක්රටීස් තමා නොදන්නා බව දැන සිටියේය. අනිකුත් අය මුකුත් නොදැන තමන් යමක් දන්නවා යයි විශ්වාස කළහ.ශ්‍රද්ධාව කුමක්ද?(ඉයුත්රිෆ්රෝ)යුක්තිය කුමක්ද? (රිපබ්ලික්)සුචරිතය කුමක්ද? ((මීනෝ) අර්ථය කුමක්ද? (සෝෆිස්ට්) ආදරය කුමක්ද? (සිම්පෝසියම්) ඔහු විසින් නඟන ලද දාර්ශනික පුශ්නය. ඇතැන්ස් නුවර වැසියෝ තරහ වූයේ සොක්රටීස් ඇතැන්ස් වලට වඩා ස්පාර්ටාවේ අගැයුම් වැඩියෙන් අගය කරනවා ඇතැයි සැකයෙනි.පෙලපනීසියන් යුද්ධයේ දී ස්පාර්ටාව ඇතැන්ස්ගේ හතුරා විය.ඔහුට මරණය නියම වූයේ 280 ක් කැමැත්ත හා 220 ක් අකැමත්ත ප්‍රකාශ කිරීමෙනි.මරණයෙන් පසු ආත්මයක් ඇත්නම් මේ ප්‍රශ්න ඔහු හේඩ්ස් ගෙන් අසන බව ද කීවේය. -දර්ශනය 101
එල
එසේය. ලියමි. තරහ අවසර ඉවසා වදාරනු මැනවි.
ඊලග කොටසත් ලියනු
තැන්කූ දුකා අයියේ
නියමයි මලේ . . හරිම සරලව . . පැහැදිලිව . . ලියා තිබෙනවා . . .දිගටම මේ ගැන ලියපන් . . . හරිම අපූරුයි . . .
නියමයි මලේ . . අහ්රිම සරලව . . පැහැදිලිව . . ලියා තිබෙනවා . . .දිගටම මේ ගැන ලියපන් . . . හරිම අපූරුයි . . .