ඇතන්ස් නගරයේ ඇට මැස්සා – සොක්‍රටීස් (I)

සටහන –
දර්ශනවාදය මගේ කුතුහලය අවුස්සන විශයක්. මම ඒක ගැඹුරින් ඉගනගෙන නෑ. ඒ නිසා මම කියන දේවල් වල සමහර විට වැරදි, අදු ලුහුඞුකම් තියෙන්න පුලුවන්. දන්නා අය කරුණාකර නිවැරදි කරන්න.
———————————————-

දර්ශනය ගැන කතාකරනකොට අපට මුලින්ම මතක් වෙන්නෙ ඇතැන්ස් නුවර වාසය කරපු ප්‍රසිද්ධ දාර්ශනිකයො තුන් දෙනෙක්. සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. ඇරිස්ටොටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. ප්ලේටෝගෙ ගුරුවරයා සොක්‍රටීස්. සොක්‍රටීස් ගැන කතා කරන්න කලින් ඔහු පහල වෙච්ච කාලය ගැන කතා කල යුතුයි. මොකද කියනවනම් දර්ශනවාදයේ නවතම යුගයක් ඔහුගෙන් ඇතිඋන නිසා. සොක්‍රටීස්ට කලින් හිටපු දර්ශනවාදීන් අපි හඳුන්වන්නෙ ප්‍රාග්-සොක්‍රටීස් දර්ශනවාදීන් කියල.

ප්‍රාග්-සොක්‍රටීස් දර්ශනවාදීන්

ප්‍රාග්-සොක්‍රටීස් දර්ශනවාදීන් තමන්ගේ අවධානය යොමු කලේ ස්වභාවික සංසිද්ධි ගැන. ඒ කියන්නෙ ඉර පායන්නෙ ඇයි වගේ ප්‍රශ්න. පශ්චාත් සොක්‍රටීස් දර්ශනවාදීන් අවධානය යොමු කලේ මිනිසා සහ සමාජයේ ඔහුගේ තැන පිලිබඳව. හැබැයි මේ නව මාර්ගය විවර කලේ සොක්‍රටීස්නම් නෙමෙයි. ඒක කලේ විතණ්ඩවාදීන්.

විතණ්ඩවාදීන් (sophists -නුවණැති, බහුස්‍රැත)

ක්‍රි.පූ. 450 කියන්නේ ඇතැන්ස් නුවර පර්සියන්වරු පරාද කරල නැවත ගොඩ නැගෙන කාලේ. ප්‍රජාතන්ත්‍රවාදය හිස ඔසවන්නෙ මේ කාලයේදීම තමා. ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍යම දෙයක් තමා බුද්ධිමත් ජනතාව. මේ නිසා ගුරුවරුන්ට හොඳ කාලයක් උදාවුනා. ග්‍රීක කොලනි වලින් ආපු ගුරුවරු තමා මේ විතණ්ඩවාදීන් ලෙස තමන්ව හඳුනවාගත්තේ. ඔවුන් සහ ප්‍රාග්-සොක්‍රටීස් දර්ශනවාදීන් අතර තිබුණු සමානකම තමා දෙගොල්ලන්ම සම්ප්‍රදායික දේව ආගම ප්‍රතික්ෂේප කිරීම. ඒ උනත් මේ විතණ්ඩවාදීන් ස්වභාවධර්මය, විශ්වය වගේ දේ ගැන පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කලේ ඒවා කාලය කන වැඩ බවට ප්‍රකාශ කරමින්. ඒ වෙනුවට මිනිසා සහ සමාජය ගැන ඔවුන් ඉගැන්වූවා.

————————————————————

ඊලඟ කොටස….. ඇතැන්ස් නුවර ඇට මැස්සා – සොක්‍රටීස් (II)